"තමන් ක්‍රිකට් ක්‍රීඩාවට යමක් කළ බවත් දැන් රට වෙනුවෙන් යමක් කිරීමට අවස්ථාව ලැබී ඇති බවත්" මෙහිදි අදහස් දැක්වූ ගාම්භීර් පවසා ඇත.
ගෞතම් ගාම්භීර් පද්ම ශ්‍රී සම්මානයෙන්ද පිදුම් ලැබූවෙකු වන අතර ඔහු 2014 වසරේදී වත්මන් අමාත්‍යවරයෙකු වන අරුන් ජේට්ලි මහතාගේ මැතිවරණ ප්රචාරක කළමණාකරු ලෙසද කටයුතු කරනු ලැබුවේය.
මේ වන විට 38 හැවිරිදි ගෞතම් ගාම්භීර් ඉන්දියාව වෙනුවෙන් එක්දින තරග 147 කදී ලකුණු 5238 ක් රැස්කරගෙන ඇති මොහු ටෙස්ට් තරග 58 කදී ලකුණු 4154 ක් ලබා ගෙන සිටින අතර ල විස්සයි විස්ස තරග 37 කදී ලකුණු 932 ක් රැස්කර ගැනීමට සමත්වී තිබේ.
ඉදිරියේ පැවැත්වීමට නියමිත ඉන්දීය ලෝක් සභා මැතිවරණයේදී ඔහු දිල්ලි ආසනය නියෝජනය කරමින් තරග කිරීමට නියමිතව ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.