Mar 23, 2019

මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගැනීම නිවේදනය කරයි Featured

එළඹෙන වසරේ විස්සයි - 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ ඊයේ (22) ශ‍්‍රී ලංකා දකුණු අප‍්‍රිකා දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙවර එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව තමන් එක්දින ජාත්‍යන්තර තරගවලින් සමුගන්නා බව ලසිත් මාලිංග මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

මේ අතරල ලසිත් මාලිංග මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් පිළ මුහුණ දෙන පළමු තරඟ 6ට සහභාගි විය නොහැකි බව දැනුම් දී ඇත. ඒ ලෝක කුසලාන තරඟාවලිය සඳහා යන ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමේ අරමුණින් බවද පැවසේ.

මේ වන විට තිස්පස් හැවිරිදි මාලිංග එක්දින ජාත්‍යන්තර තරග 218 කට සභාගිවී කඩුලු 322 ක් බිඳහෙළා ඇති අතර විස්සයි - 20 තරග 72 කදී ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 97 කි.

යම් හේතුවකින් තමන්ට පන්දුවාර විස්සයි - 20 ලෝක කුසාලන තරගාවලිය සඳහා සහභාගී වීමට ලැබුණහොත් තමන්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය නිමා කරන බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top