Mar 28, 2019

සචිත්ට එංගලන්තයෙන් එන්න කියලා

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක සචිත් පතිරණ එංගලන්තයේ ෆර්නස් ක්‍රිකට් සමාජය සමග ගිවිසුමකට අත්සන් කර තිබේ.

2019 තරග සමය සඳහා පුහුණූකරුවෙක් ලෙස හා විදේශීය ක්‍රීඩකයා ලෙස එක්විම සඳහා හෙතෙම මෙම ගිවිසුම අත්සන් කර ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා පවසයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සචිත් එක්දින ජාත්‍යන්තර තරග 18 කට හා විස්සයි – 20 තරග 05 කට ක්‍රීඩා කර සිටිති.

ඔහු අවසන් වරට ඉන්දීයාව සමග 2017 දෙසැම්බර් මාසයේදි එක්දින ජාත්‍යන්තර තරගාවලියට සහභාගි විය.

සචිති පතිරණ මෙ වන විට බදුරලිය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණූකරුවෙක් ලෙස හා ක්‍රීඩකයෙක් ලෙස කටයුතු කරමීන් සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top