Apr 01, 2019

ICCයේ ප්‍රධාන විධායක පුටුව ඉන්දියාවේ මනූට

වහාම ක්‍රියාත්මක වන පරිදි අන්තර් ජාතික ක්‍රිකටි කවුන්සිලයේ ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස මනු සෝනි වැඩ භාර ගෙන තිබේ.

මීට පෙර එම ධුරයේ කටයුතු කළ ඩේවිඩ් රිචර්ඩ්සන් සමඟ සති 06ක කාලයක් ප්‍රධාන විධායක නිළධාරී ධුරය සම්බන්ධයෙන් අධ්‍යනයක් මනු සෝනි විසින් සිදුකර ඇති බව වාර්තා වන්නේය.

52 හැවිරිදි වියේ පසුවන මනු සෝනි ඉන්දීය ජාතිකයෙකු වන අතර ඔහු මිට පෙර සිංගප්පුරුවේ ක්‍රිඩා සමාජයක ප්‍රධාන විධායක නිළධාරියා ලෙසද කටයුතු කර තිබේ.

සිය ධුරයේ කටයුතු ආරම්භ කිරිමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී මනු සෝනි පවසා ඇත්තේ ඩේවිඩ් රිචර්ඩ්සන් වසර 07 කාලයක් ප්‍රධාන විධායක නිළධාරීයා ලෙස කටයුතු කරමින් ක්‍රිකට් ක්‍රිඩාව වෙනුවෙන් විශාල කැපවිමක් සිදුකළ බවයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top