Apr 03, 2019

ශ්‍රී ලංකා පාපන්දුව වෙනස් වෙයි

මෙරට තුළ මෙතෙක් භාවිත කළ පාපන්දුව වෙනස් කර ඊට නව මුහුණුවරකින් යුත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ අනුමැතිය සහිත NIVIA පාපන්දුව හඳුන්වා දෙන බව පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා පැවසීය.

මෙම නව NIVIA පාපන්දු 1000 ක් නොමිලේ ලබාදීමට ඉන්දියාවේ පිහිටි අදාළ පාපන්දුව නිෂ්පාදනය කරන FREEWILL Sports (Pvt ) Ltd යන සමාගම එකඟත්වය පලකර තිබෙන බව අනුරද සිල්වා මහතා පාපන්දු නිවසේ පැවති ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සහ NIVIA පාපන්දුව නිෂ්පාදනය කරන සමාගම අතර අවබෝධතා ගිවිසුමකටද මෙහිදී අත්සන් කරනු ලැබීය.

මෙම අවස්ථාවට NIVIA පාපන්දු නිෂ්පාදනය කරන සමාගමේ අපනයන කළමනාකරු Sourabh Gupta මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top