අද (16) දිනයේදී අවසන් වූ නවසීලන්තය හා බංගලාදේශය අතර ටෙස්ට් තරගය අතරතුරේදී ටිම් සවුදි ගේ බවුන්සර් පන්දුවක් හිසේ වැදීමෙන් අනතුරුව ඔහුව මෙලෙස රෝහල්ගත කර තිබුණි.
පිටියේ දී ප්රථමාධාර ලබාදීමෙන් අනතුරුව ඔහුව වැඩිදුර පරීක්ෂණ සඳහා වෙලින්ටන් රෝහල වෙත ගෙනගිය බව විදෙස් වාර්තා සඳහන් කරයි.
කෙසේ වෙතත්, සිය තත්වය මේ වන විට යහපත් අතට හැරී බවත්, මද වේදනාවක් තිබුණද ඉක්මනින් සුව වේ යැයි සිතන බවත් මුස්ෆිකර් පවසා තිබේ.
ටිම් සවුදි ගේ බවුන්සර් පන්දුව මුස්ෆිකර් ගේ හිසෙහි වැදුනු අවස්ථාව දැක්වෙන වීඩියෝවක් පහත දැක්වේ.