Apr 15, 2019

ටෙස්ට් තරගාවලියකට පාකිස්තානයෙන් ලංකාවට ආරාධනයක් !

තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සඳහා පැමිණෙන්නැයි පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකාවට ආරාධනා කර තිබේ.

ලෝක කුසලානයෙන් පසු එම තරගාවලිය පැවැත්වීමයි පකිස්ථානයේ සැලසුම වී ඇත්තේ. කරච්චි සහ ලාහෝර් නගරවලදී මෙම තරග පැවැත්වෙනු ඇති බව සඳහන්.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් මේ දක්වා අවසන් තීරණයක් ගෙන නැහැ.

2009 වසරේදී ලාහෝර් නගරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මේ දක්වා පකිස්ථානයේදී කිසිදු ජාත්‍යන්තර ටෙස්ට් තරගයක් පවත්වා නැහැ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top