Apr 17, 2019

ලෝක කුසලානයේදී ලංකාව මෙහෙයවීම දිමුත්ට !

දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් කර තිබේ.

ඒ අනුව එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙදී ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ඇති.

මෙම පත් වීමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වූ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

කෙසේවුවද, ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය අද (17) ප්‍රකාශයට පත් නොකළ අතර, එම සංචිතය බොහෝ දුරට හෙට (18) දිනයේ නම් කිරීමට නියමිතව ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top