Pasidol

Sathosa

Jan 18, 2017

ක්‍රිකට් ලොවේ ලොක්කා ඉන්දියාවේ!

ලෝකයේ විශාලම ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරිමේ කටයුතු ඉන්දියාවේදී ආරම්භ කර තිබේ.

ප්‍රේක්ෂකයන් 110,000ක් පමණ රැඳවිය හැකි මෙම ක්‍රීඩාංගනය නිම කිරීමට ඩොලර් මිලියන 100ක් පමණ වැය වනු ඇතැයි වාර්තා වේ.

අහමදාබාද්හි මොටේරා ප්‍රදේශයේ පිහිටි මෙම ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් පසුගියදා ආරම්භ වුනු අතර, මෙහි ඉදිකිරීම් වසර 2ක් තුළ නිමා කිරීමට ඉන්දීය බලධාරීන් බලාපොරොත්තු වෙයි.

ගුජරාටි ක්‍රිකට් සංගමයේ උපසභාපති පරිමාල් නත්වානි විසින් පී.ටී.අයි. පුවත් සේවයට පවසා තිබුණේ මෙම ක්‍රීඩාංගනයට ක්‍රීඩක විවේකාගාර හතරක්, ඔලිම්පික් තරගාවලි වල යොදාගන්නා පිහිනුම් තටාක වලට සමාන විශාලත්වයෙන් යුත් පිහිනුම් තටාකයක් ඇතුළු පහසුකම් රැසකින් සමන්විත වේ.

ගුජරාට්හි පැවැති සර්දාර් පටෙල් ක්‍රීඩාංගණය වෙනුවට මෙය ඉදිකෙරයි.

මේ වන විට ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙස සැලකෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය වන අතර එහි පහසුකම් ඇත්තේ ප්‍රේක්ෂකයන් 100,000කට පමණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top