Apr 28, 2019

දුලිප් හා පුබුදු ඕමානය හා ඇමරිකාවට එක්දින වරම් දිනා දෙති Featured

ඕමානය හා ඇමරිකාව අයි.සී.සී. එක්දින තරඟ වරම් දිනාගත් අලුත්ම රටවල් දෙක බවට පත්ව ඇත. මේ දිනවල සැම්බියාවේ පැවැත්වෙන අයි.සී.සී. දෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ තවත් එක් තරග වටයක් ඉතිරිව තිබියදී එහි ලකුණු සටහනේ ප්‍රථම හා දෙවැනි ස්ථාන වලට පත් වීම නිසා ඔවුන්ට මේ අවස්ථාව උදාවී තිබේ.

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වන දුලිප් මෙන්ඩිස් ඕමාන කණ්ඩායමේත්, පුබුදු දසනායක ඇමරිකානු කණ්ඩායමේත් පුහුණුකරුවන් ලෙස කටයුතු කිරීම විශේෂත්වයකි.

වසර 1985 දී ශ්‍රී ලංකාව ප්‍රථම ටෙස්ට් තරගවලි ජය ලබන විට එහි නායකත්වය දැරූ හා 1996 ලෝක ශූරතාව දිනූ කණ්ඩායමේ කළමනාකරු හා තේරීම් කමිටු සභාපති ලෙස කටයුතු කළ දුලිප් මෙන්ඩිස් මීට හය වසරකට පෙර ඕමාන පිලේ පුහුණු අධ්‍යක්ෂ හා පුහුණුකරු ලෙස පත් කෙරිණි.

මේ වන විට ඇමෙරිකානු පිලේ පුහුණුකරු ලෙස කටයුතු කරන පුබුදු දසනායක 2016 දී ඇමරිකානු පිල බාරගනිද්දී අයි.සී.සී. ශ්‍රේණිගත කිරීම්වල ඇමරිකාව පසුවූයේ සිවුවැනි කාණ්ඩයේය. මේ කාලය තුළ ඇමෙරිකානු පිල දෙවැනි කාණ්ඩය තෙක් උසස් කර දීමට ඔහු සමත් විය.

ඇමෙරිකානු පිල භාර ගැනීමට පෙර පුබුදු නේපාල කණ්ඩායමේ පුහුණුකරු ලෙස වසර 4 ක් කටයුතු කර 2014 අයි.සී.සී. විස්සයි - 20 ලෝක ශූරතාව සඳහා එම කණ්ඩායම රැගෙන ඒමට සමත් වීම විශේෂත්වයකි.

ඔහු නේපාල පිල බාරගනිද්දී එය ද අයි.සී.සී. ශ්‍රේණිගතකිරීම්වල සිවුවැනි කාණ්ඩයේ පසුවිය.

ඊට පෙර පුබුදු කැනඩා පිලේද පුහුණුකරු ලෙස කටයුතු කළ අතර එම අවදියේ කැනඩා පිල එක ලෝක ශූරතා වරම් දිනාගත්තේය. පුහුණුකරු ලෙස කටයුතු කිරීමට පෙර ඔහු කැනඩා පිලේ ක්‍රීඩකයකු ලෙසද තරග සඳහා සහභාගි විය.

නැම්බියාවේ පැවැත්වෙන තරඟාවලියෙන් තවත් කණ්ඩායම් දෙකක් 2023 ලෝක ශූරතා තරගාවලියට සුදුසුකම් ලැබීමේ මූලික වටයට සුදුසුකම් ලැබීමට නියමිත අතර ඔවුන් නේපාලය, ස්කොට්ලන්තය හා එක්සත් අරාබි එමීරය  සමග වසර දෙකහමාරක් මුළුල්ලේ එකිනෙකා සමඟ තරඟ වදිනු ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top