Apr 28, 2019

අවිශ්කව ඉවත් කර ඇත්තේ තේරීම් කමිටු දෝශාරෝපන නිසයි !

ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායමේ පුහුණුකරු වන අවිශ්ක ගුණවර්ධන මහතා ඉන් ඉවත් කර කණිෂ්ට පුහුණුකරු තනතුරකට ඔහුව යොමු කිරීමට හේතුවී ඇත්තේ අවිශ්ක කෙරෙහි ක්‍රිකට් තේරීම් කමිටුවෙන් එල්ලවූ දැඩි දෝශාරෝපන නිසා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙක් “ශ්‍රී ලංකා මිරර්" සමඟ කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරියේදී මාධ්‍යවෙත කරුණු දැක්වීමට තීරණය කර ඇති බවද ඔහු සඳහන් කළේය.

සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියට අදාළව කොළඹ කණ්ඩායමට නම් කර සිටි අශාන් ප්‍රියංජන හදිස්සියේ දඹුල්ල කණ්ඩායමට නම් කිරීමට සිදුවූ සිද්ධියේ එක් වගඋත්තරකරුවකු වන්නේ අවිශ්ක බව වාර්තා වේ.

දිනේෂ් චන්දිමාල් නායකත්වය දැරූ කොළඹ කණ්ඩායමෙන් අශාන්ට සිදුවූ කෙනෙහිළිකම් තේරීම් කමිටුවට දැන්වීමෙන් පසුව ඔහුව දඹුල්ල පිලට මාරුකරුනු ලැබීය.

ලෝක කුසලානයට යවන ක්‍රිකට් පිලේ මැද පෙළ පිතිකරු ලයිස්තුව තේරීමේදී යම් ගැටලු පැවතුන බැවින් ඒවා විසඳා ගැනීමට තේරීම් කමිටුව සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේදී කොළඹ පිල හා දඹුල්ල පිල අතර තරගයේදී කොළඹ පිල නියෝජනය කරමින් තරගවැදීමට අශාන්ට අවස්ථාවක් ලබාදෙන ලෙස තේරීම් කමිටුව දන්වා තිබිණි.

කෙසේවුවද, කොළඹ පිලේ පුහුණුකරු වූ අවිශ්ක තේරීම් කමිටුවට දන්වා තිබුණේ අශාන් අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් ඔහු ක්‍රීඩා නොකරන බවයි. එසේ කියූ අහාන්ව එම තරගයේදී 12 වැනි ක්‍රීඩකයා ලෙස කණ්ඩායමට ඇතුළත් කර තිබූ අතර ඔහු පන්දු රැකීම සඳහාද යොදවා තිබිණි.

ඒ සම්බන්ධයෙන් හිරු පුවත් මෙලෙස වාර්තා කර තිබිණි.

මේ තත්වයන් නිසා අවසානයේ අශාන්ව දඹුල්ල පිලට මාරු කළ අතර දඹුල්ල පිලට ක්‍රීඩා කරමින් අශාන් තරග දෙකකදී ලකුණු 42ක් හා ලකුණු 24ක් රැස්කරගෙන තිබිණි. ලකුණු 42 ක් රැස් කළ තරගයේදී අශාන්, ඇන්ජලෝ මැතිවුස් සමඟ සිය කණ්ඩායම අසීරු තත්ත්වයෙන් මුදවා ගැනීමට ශතක සම්බන්ධයක්ද ගොඩනැගුවේය.

කෙසේවුවද එම තරගාවලියේදී අශාන්ට වැඩි දක්ෂතා අතරට පැමිණීමට නොහැකිවූයේ ඔහුගේ මානසිකත්වය බිඳ දැමීම නිසා බව ක්‍රිකට් විචාරක මතය වී තිබේ.

අශාන් පසුගිය වසරේදී පළාත් තරගාවලියේ හොඳම ක්‍රීඩකයා බවට ද පත්විය.

මේ අතර, අවිශ්ක මැද පෙළ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට කණ්ඩායමේ ස්ථානය රැකදීමට භානුක රාජපක්ෂ හා ඇන්ජලෝ පෙරේරා යන අයට ද කෙනිහිළිකම් කර ඇති බවට ක්‍රීඩා අමාත්‍යවරයාට ද පැමිණිලි ලැබී ඇති බවත් පැවසේ.

අවිශ්ක මෙසේ ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායමේ පුහුණුකරු තනතුරෙන් ඉවත් කිරීමට ඔහු සහභිවූ T10 තරගාවලියේදී තරග පාවාදීමේ සිද්ධියකට සම්බන්ධ බවට අයි.සී.සී. යෙන් එල්ලවන චෝදනාද හේතුවී ඇති බව වාර්තා වේ.

 

 

 

 

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top