Apr 30, 2019

විදූෂාගේ පදක්කමට මුදල් තෑගි දෙන්න බැරි බව ක්‍රීඩා අමාත්‍යංශය කියලා

විසි තුන්වැනි වරට දෝහා කටාර්හි පැවැති සියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වී තුන්පිම්ම ඉසව්ව වෙනුවෙන් ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කළ විදූෂා ලක්ෂාණිට මුදල් ත්‍යාගයක් පිරිනැමීමට කටයුතු නොකරන බව ‍ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජාත්‍යන්තර ජයග්‍රහණ වෙනුවෙන් මුදල් ත්‍යාග ලබාදීම සාමාන්‍යයෙන් ක්‍රීඩා අමාත්‍යංශය විසින් සිදු කළ ද ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය එකී මූල්‍ය ආධාර හිමිවන පදනමට නොගෙන බැවින් මේ ජයග්‍රහණයට මුදල් ත්‍යාගයක් ලබා දිය නොහැකි බව ක්‍රීඩා බලධාරීන් පවසති.

මෙය මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව දිනාගත් එකම පදක්කම ද වේ.

ක්‍රීඩා අමාත්‍යංශය මේ තරගාවලියේ ජයග්‍රහකයන්ට මුදල් ත්‍යාග ලබා නොදී සිටීමට අතීතයෙදී ගත් තීරණය මේ ජයග්‍රහණයට ආදේශ කිරීමට උත්සාහ කිරීම අසාධාරණ බව ක්‍රීඩා විචාරක මතය වී තිබේ.

එසේම ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ දෝහා කටාර් හි කලීෆා ක්‍රීඩාංගනයේ පැවැති මෙවර ආසියානු ශූරතා තරගාවලියට 43ක් සහභාගිවූ බවත්, මේ අනුව එහි පදක්කමක් දිනා ගැනීම සැලැකිය හැක්කේ ආසියානු ක්‍රීඩා උළෙලට පසුව පදක්කමක් දිනා ගැනීමට ඇති තරගකාරීම ඉසව්ව බවයි.

එසේම මේ තරගාවලිය සම්බන්ධයෙන් ඇගැයීමක් කිරීම මලල ක්‍රීඩා සංගමයේ යුතුකමක් බවද පෙන්වාදෙන ඔවුහු විදූෂාට මුදල් ත්‍යාගයක් ලබාදෙන ලෙස යෝජනාවක්ද ඉදිරිපත් කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top