May 02, 2019

සංගක්කාරට එංගලන්තයේ MCC සභාපතිකම

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර මහතා එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ මීළඟ සභාපතිවරයා වශයෙන් නම්කර තිබේ.

වසර 232 ක ඉතිහාසයක් ඇති මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති තනතුරට පත්වූ පළමු වැනි බ්‍රිතාන්‍ය නොවන ජාතිකයා කුමාර් සංගක්කාරය.

මැයි මස 1 වැනිදා (ඊයේ) පැවැති මාර්ලිබෝන් කි‍්‍රකට් සමාජයේ වාර්ෂික මහ සභා රැස්වීමේදී වත්මන් සභාපති ඇන්තනි රෙෆර්ඩ් මහතා විසින් කුමාර් සංගක්කාර මහතා කී‍්‍රඩා සමාජයේ මීළඟ සභාපතිවරයා වශයෙන් නිවේදනය කරන ලදි.

කි‍්‍රකට් කී‍්‍රඩාවේ නීති රීති සම්පාදකයන් පමණක් නොව, කි‍්‍රකට් සම්ප‍්‍රදායේ නිර්මාතෘවරුන් සේ සැලකෙන මාර්ලිබෝන් කි‍්‍රකට් සමාජය (එම්.සී.සී) සමඟ කුමාර් සංගක්කාර මහතා දිගින් දිගටම සම්බන්ධව සිටියේය.

කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිරතව සිටියදී පවා (වසර 2011 දී) කොලින් කවුඩ්රි අනුස්මරණ දේශනයට කරමින් ශී‍්‍ර ලංකාවටත්, ලෝඩ්ස් කී‍්‍රඩාංගණයට මෙන්ම මාර්ලිබෝන් කි‍්‍රකට් සමාජයටත් ලෝ පතළ කීර්තියක් අත්කර දුන් සංගක්කාර මහතා 2012 වසරේ සිට එම කී‍්‍රඩා සමාජයේ යාවජීව සාමාජිකයකු ලෙස පිළි ගැණිනි.

එම වසරේදීම මාර්ලිබෝන් කි‍්‍රකට් සමාජයේ ලෝක කි‍්‍රකට් කමිටුවට එක්වූ සංගක්කාර මහතා දැනටත් එහි ප‍්‍රබල සාමාජිකයෙකි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top