රියාල් මිලියන දෙකක (ඇමෙරිකානු ඩොලර් 50,000) ඇප ගෙවාගත නොහැකිවීම හේතුවෙන් මෙම ක්‍රීඩිකාව හට සිරදඬුවම් පමුණුවා තිබෙන බව ඒජන්සි වාර්තා වල දැක්වේ.
මෙම ක්‍රීඩිකාව කවුදැයි හෙළිදරව් කර නැති නමුත්, ඇයපසුගිය සැප්තැම්බරයේදී ජාත්‍යන්තර තරගයකට ද සහභාගී වූ ක්‍රීඩිකාවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු යැයි පැවසේ.
ඉරාන ජාතික කාන්තාවන් හට ජාත්‍යන්තර ක්‍රීඩා තරග වලට සහභාගී වීමට බාධාවක් නොමැති වුවත්, ඔවුන් සෑමවිටම ඇඳුම් පැළඳම් සම්බන්ධ ඉස්ලාමීය නීතිරීති වලට ගරුකළ යුතු වේ.