May 07, 2019

ලෝක කුසලානයට ශ‍්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක් දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා අද (07දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් එංගලන්තය බලා පිටත්ව ගියේය.
ක්‍රීඩකයන් 18 දෙනෙකු සහ නිලධාරීන් 09 දෙනෙකුගෙන් සමන්විත 27 ත් දෙනෙකුගෙන් යුතු මෙම  කණ්ඩායම උදෑසන 10.20 ට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 651 දරන ගුවන් යානයෙන් පිටත්ව ගියේය.
 
වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග 19 වන ක්‍රීඩකයා ලෙස පසුව මෙම කණ්ඩායමට සම්බන්ධ වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරයි.
 
පවතින ආරක්ෂක තත්ත්වය හමුවේ ශී‍්‍ර ලංකා කණ්ඩායමේද ආරක්ෂාව දැඩි කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පියවර ගෙන ඇති අතර ශී‍්‍ර ලංකා පිලේ ආරක්ෂාව සඳහා සහකාර පොලිස් අධිකාරීවරයෙක් සහ පොලිස් පරික්ෂවරු දෙදෙනෙක් ඇතුලූ නිලධාරීන් කණ්ඩායමක්ද අද දිවයිනෙන් පිටත්ව ගියේය.
 
ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය ලබන 30 වැනිදා ආරම්භ වන අතර ශී‍්‍ර ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය ජූනි මස පළමු වැනිදා කාඩිෆ් හිදි පැවැත්වේ.
 
ලෝක කුසලාන තරගාවලියට පෙර ශි‍්‍ර ලංකා කණ්ඩායම ස්කොට්ලන්තය සමග එක්දින තරග 2කට සහභාගිවීමට නියමිතය.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top