ඒ ලසිත් මාලිංගගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම එක් ලකුණකින් පරාජයට පත් කරමිනි.
කාසියේ වාසිය දිනු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් බිඳ වැටී ලකුණු 149ක් ලබාගත්තේය.
ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් බිඳ වැටී ලබා ගත හැකි වුයේ ලකුණු 148ක් පමණයි.
මුම්බායි කණ්ඩායම අයි.පී.එල් ශූරතාව ජයග්‍රහණය කළ සිව්වැනි අවස්ථාව මෙයවන අතර වැඩිම තරඟාවලි සංඛ්‍යාවකදී අයි.පී එල් ශූරතාව ජයග්‍රහණය කර ඇත්තේ ද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි.
මුම්බායි කණ්ඩායමේ පුහුණුකරු ලෙස මෙවරද කටයුතු කළේ ශ්‍රී ලංකාවේ හිටපු නායක මහේල ජයවර්ධනයි.