Jan 19, 2017

'ඇන්ජලෝ ඉවත්කරන සාකච්ඡාවක් නැහැ' - තිලංග

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඇන්ජලෝ මැතිව්ස් ඉවත් කිරීම පිළිබඳ කිසිදු සාකච්ඡාවක් නොවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.

පසුගිය අඟහරුවාදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති හදිසි රැස්වීමකදී, දකුණු අප්‍රිකානු සංචාරයෙන් පසු ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙන බව ඇතැම් මාධ්‍ය ඊයේ වාර්තා කර තිබිණ.

එහෙත් එවැනි සාකච්ඡාවක් නොපැවති බව ක්‍රිකට් සභාපතිවරයා අවධාරණය කළේ අද පැවති මාධ්‍ය හමුවකදී බීබීසී කළ විමසීමකට ප්‍රතිචාර වශයෙනි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top