මීටර් 400 සහ මීටර 800 ඉසව් නියෝජනය කරනු ලබන ක්‍රීඩකයන් දෙදෙනකුට මේ චෝදනාව එල්ල වී ඇති බව ද දවසේ.
පසුගිය කාලයේ පැවැති තරග කිහිපයකදී අහඹු ලෙස ලබාගත් මුත්‍රා සාම්පල් පරීක්ෂා කිරීමේදී මේ බව අනාවරණය වී ඇති බව ද වාර්තා වේ.
කෙසේවුවද ශ්‍රී ලංකා තහනම් උත්තේජන මධ්‍යස්ථානය නිල වශයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන තෙක් මේ ක්‍රීඩකයන් කවුද යන්න අනාවරණය නොකිරීමටද එම ආයතනය තීන්දු කර ඇතැයි පැවසේ.
මෙසේ තහනම් උත්තේජක චෝදනා එල්ලවී ඇති ක්‍රීඩකයන් දෙදෙනාට ඉදිරියේදී චෝදනා පත්‍ර ලබාදී ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට නියමිත බවද වාර්තා වේ.
එසේම ඔවුන්ගේ “බී" මුත්‍රා සාම්පලය පරීක්ෂාවට ලක්කිරීමට නියමිත බවත්, අදාල ක්‍රීඩකයන්ගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් සිදු කිරීමට නියමිත බවත් වාර්තා වේ.