May 15, 2019

නැගී එන කණ්ඩායමේ පුහුණුකරු තනතුර වාස්ට

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස හිටපු වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් මහතා පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

වයස 19 න් පහළ කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ වාස් මහතා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස උසස් කර ඇත්තේ නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස නම් කර සිටි අවිෂ්ක ගුණවර්ධන මහතා එම තනතුරෙන් ඉවත් කිරීමෙන් අනතුරුවය.

2017 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ටී - ටෙන් ලීග් ක්‍රිකට් තරඟාවලියේදී විනය පටිපාටි උල්ලංඝනය කළ බවට අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනයෙන් චෝදනා එල්ල වීම හේතුවෙන් ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අවිශ්ක ගුණවර්ධනගේ සේවය අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා පියවර ගත්තේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top