නුවන් ප්රදීප් ලකුණු 34 කට කඩුලු 4 ක් බිඳහෙළමින් එහිදී ශ්රී ලංකාව වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතරත විය.
ස්කොට්ලන්ත ඉනිමේ 27 වැනි පන්දුවාරය නිමාවීමත් සමග වර්ෂාව හේතුවෙන් තරගය අතරමග නතර කිරීමට සිදුවිය.
වර්ෂාව අවසන් වී නැවත තරගය ආරම්භ කරන විට ස්කොට්ලන්ත ඉනිම පන්දුවාර 34 කට සීමා වූ අතර එහිදී ඔවුන්ට ජයග්රහණය සඳහා ලකුණු 235 ක නව ඉලක්කයක් හිමිවිය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකාව සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 322 ක් රැස් කළේය.
හයවැනි පිතිකරු ලෙස පිටියට පිවිසි ළහිරු තිරිමාන්න හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 44 ක් රැස්කරමින් ශ්රී ලංකා ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටියේය.
ශ්රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන් නායක දිමුත් කරුණාරත්න (77) සහ අවිෂ්ක ප්රනාන්දු (78) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 133 කදී ලකුණු 123 ක සම්බනධතාවක් ගොඩනැගීමට සමත් වූහ.
පන්දු 88 කදී වාර්තා වූ දිමුත්ගේ දෙවැනි එක්දින අර්ධ ශතකයට හතරේ පහර 7 ක් ඇතුළත් වූ අතර පන්දු 78 කදී වාර්තා වූ අවිෂ්කගේ මංගල එක්දින අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.