ඔස්ට්‍රේලියාව හා සවුත්හැම්ප්ටන් පිටියේ පැවැති මෙම තරගයේදී කඩුලු 5ක පහසු ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී ලකුණු 239/8ක් රැස් කළේය.
ලහිරු තිරිමාන්න 56ත් හා ධනංජය ද සිල්වා 43ක් රැස්කරමින් ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලාභීන් අතරට එක්විය.
ඇඩම් සැම්පා ලකුණු 39 කට ශ්‍රී ලංකා පිලේ කඩුලු 2ක් බිඳ හෙළමින් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් හොඳම පන්දු යැවීම සටහන් කළේය.
ලකුණු 240ක ජයග්රාහි ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 44.5කදී කඩුලු පහක් දැවි ලකුණු 241 රැස්කරමින් තරගය ජයග්‍රහණය කළේය.
උස්මන් කවාජා (89) ඔස්ට්‍රේලියානු පිල වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණය රැස් කළේය.
ඒ අනුව ලෝක කුසලාන තරගාවලියට පෙරාතුව පැවැති පුහුණු තරග දෙකෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්විය.