මේ ගැටුම ඇතිව ඇත්තේ මහේල ජයවර්ධන "සන්ඩේ ටයිම්ස්” වෙත කර ඇති ප්‍රකාශයක් සමඟය.
මහේල ජයවර්ධන එහිදී ප්‍රකාශ කර තිබුණේ ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ඔවුන්ට මතු වූ ගැටලු නිසි පරිදි කළමනාකරණය කර නොගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමේ වර්තමාන තත්ත්වයට හේතු වූ බවය.
මේ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ද ඇතැමුන් අදහස් දක්වා තිබිණි. මේ අවස්ථාවේ මෙම අදහස් ප්‍රකාශ කිරීම ගැන ඇතැමුන් මහේල ජයවර්ධනට විරෝධය දක්වා තිබිණි.
මහේල ජයවර්ධන 2015 වසරේ නායකත්වයෙන් සමුගත් අවස්ථාවේ නායකත්වයේ වගකීම පවරන ලද්දේ ඇන්ජලෝ මැතිව්ස් වෙතය.
නමුත් පසුකාලීනව දිනේෂ් චන්දිමාල්, තිසර පෙරේරා, ලසිත් මාලිංග සහ චාමර කපුගෙදර නායකත්වයේ වගකීම් දැරූ අතර වර්තමානයේ දිමුත් කරුණාරත්න නායකයා ලෙස කටයුතු කරයි.
"අපි ඇන්ජලෝට දීපු එකම උපදේශය තමයි ක්‍රිකට් දේශපාලනයට යට වෙන්න එපා කියන එක. ඔහු ක්‍රීඩකයින් සමග ඉඳිමින් ශක්තිමත් නායකයෙකු ලෙස කටයුතු කරන්න ඕනේ. නමුත් ඔහු ක්‍රිකට් දේශපාලනයට යට වුණා. ඔහු අනෙක් අයට තීරණ ගන්න අවස්ථාව දුන්නා. කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයින් වෙනුවෙන් පෙනී සිටියේ නැහැ," යනුවෙන් මහේල ජයවර්ධන පවසා තිබිණි.
"මම අවංකවම මේ ගැන ඔහුට කිව්වා. ඔහු එය පිළිගත්තා. ඔහු එසේ වුණේ නැත්නම් අපේ කණ්ඩායමට අද මෙහෙම දෙයක් නොවීමට ඉඩ තිබුණා," මහේල වැඩිදුරටත් පැවසීය.
"මට ඔහුත් සමග කිසිදු ප්‍රශ්නයක් නැහැ. ඔහු අතිවිශිෂ්ඨ ක්‍රීඩකයෙක්. ඒ වගේම හොඳ මනුස්සයෙක්. නමුත් ඔහු ඒ අවස්ථාව නියමාකාරයෙන් කළමනාකරණය කළේ නැහැ. මේ ලෝක කුසලානේ දී කණ්ඩායම හසුරුවන්න තිබුණේ ඔහුට. නමුත් ඔහුට සියල්ල අත හරින්න සිදු වුණා. ඒක ඔහුගේ වැරැද්ද.”
ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට වරක් මහේල, සංගක්කාර සහ අරවින්ද යෝජනාවලියක් ඉදිරිපත් කළහ.
"ක්‍රිකට් දේශපාලනය හසුවූ තවත් ක්‍රීඩකයෙක් දිනේෂ් චන්දිමාල්. ඔහුත් තිරය පිටුපස දේ වලට යටත් වුණා. ශක්තිමත් නායකයෙකු ලෙස කණ්ඩායමේ පාලනය තම අතට නොගෙන ඔහුත් වෙන දේ සමගම ඉදිරියට ගියා," යනුවෙන් ද මහේල ජයවර්ධන සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා තිබිණි.
එයට ප්‍රතිචාර දක්වමින් ඇන්ජලෝ මැතිව්ස් තම ෆේස් බූක් පිටුවේ සටහනක් යොදා තිබුණි.
"ඕනෑම කෙනෙකුට යම් ස්වාධීන අදහස් තියෙනවා. මහේල ජයවර්ධනටත් එසේමයි. ඔහුගේ සමහර අදහස් දැකලා මම පුදුම වුණා. මම ඒවා ප්‍රතික්ෂේප කරනවා. මගේ ප්‍රමුඛතාවය දීල තියෙන්නේ ලෝක කුසලානයට. මම මහේලගෙන් ඉල්ලා සිටිනවා ඔහුගේ දැනුම සහ ධෛර්ය මේ තීරණාත්මක අවස්ථාවේ අපට දෙන්න කියලා.”
ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සහයවන මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මහේල ජයවර්ධනට ආරාධනා කර තිබුණ ද ඔහු එය ප්‍රතික්ෂේප කර ඇත.
2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන 30 වැනිදා දකුණු අප්‍රිකාව හා එංගලන්තය අතර තරගයෙන් ආරම්භවීමට නියමිතය.
සති 6ක් පුරා දිවෙන මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය දරන්නේ එංගලන්තය හා වේල්සයයි.
මූලාශය - බීබීසී සිංහල