May 29, 2019

2020 ආසියානු කුසලානයේ සත්කාරකත්වය පකිස්තානයට

ලබන වසරේදී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන විස්සයි-20 තරගාවලියේ සත්කාරකත්වය පකිස්තානයට ලබා දීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය මෙම තීරණය ගෙන තිබේ.

කෙසේ වෙතත් තරගාවලිය පැවැත්වෙන්නේ කුමන නගරයකදීද යන්න පිළිබඳව තවමත් තීරණයක් ගෙන නොමැති අතර තරගාවලිය පැවැත්වෙන නගරය නොබේ දිනකින්ම නම් කිරිමට පාකිස්තානය සැලසුම්කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තරගාවලිය ලබන වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත අතර ඊට මාසයකට පසුව ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිතය.

2008 වසරේදී පාකිස්තානය අවසන්වරට එක්දින ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය දරා ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top