May 30, 2019

ක්‍රිකට් වසන්තය අදින් ඇරඹෙයි

ක්‍රිකට් වසන්තය එසේත් නොමැතිනම් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (30) එංගලන්තයේදී ආරම්භවීමට නියමිතව තිබේ.

තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වේලාවන් පස්වරු 3ට දකුණු අප්‍රිකාව හා සත්කාරක එංගලන්තය පළමු තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.

මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම් 10ක් තරග 48ක් සඳහා ක්‍රීඩාංගණ 11කදී තරග වැදීමට නියමිතය.

ශ්‍රී ලංකා පිල සහභාගි වන පළමු තරගය හෙට (01) වැනිදා නවසීලන්තය සමඟ කාඩිෆ් හිදී පැවැත්වේ.

සති 6ක් පුරා දිවෙන මෙවර ලෝක කුසලානයේ සමස්ත තරග 48 කින් පසුව 2019 ශූරයන් තෝරන අතර පළමු වටයේ සෑම කණ්ඩායමක්ම තරග නවයකට සහභාගි වේ. අනතුරුව ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු කණ්ඩායම් හතර අවසන් පූර්ව තරග වරම ලබන අතර එම තරගයේ ජය ගන්නා කණ්ඩායම අවසන් සටනට පිවිසෙයි.

ලෝක කුසලාන - තරග කාලසටහන - 2019

මැයි 30 - එංගලන්තය - දකුණු අප‍්‍රිකාව
මැයි 31 - පාකිස්තානය - බටහිර ඉන්දීය කොදෙව්
ජුනි 01 - ශ‍්‍රී ලංකාව - නවසීලන්තය
ජුනි 01 - ඇෆ්ගනිස්තානය - ඔස්ටේ‍්‍රලියාව
ජුනි 02 - බංග්ලාදේශය - දකුණු අප‍්‍රිකාව
ජුනි 03 - එංගලගන්තය - පාකිස්තානය
ජුනි 04 - ඇෆ්ගනිස්තානය - ශ‍්‍රී ලංකාව
ජුනි 05 - බංග්ලාදේශය - නවසීලන්තය
ජුනි 06 - ඔස්ටේ‍්‍රලියාව - බටහිර ඉන්දීය කොදෙව්
ජුනි 07 - පාකිස්තානය - ශ‍්‍රී ලංකාව
ජුනි 08 - එංගලන්තය - බංග්ලාදේශය
ජුනි 08 - ඇෆ්ගනිස්තානය - නවසීලන්තය
ජුනි 09 - ඔස්ටේ‍්‍රලියාව - ඉන්දියාව
ජුනි 10 - දකුණු අප‍්‍රිකාව - බටහිර ඉන්දීය කොදෙව්
ජුනි 11 - බංග්ලාදේශය - ශ‍්‍රී ලංකාව
ජුනි 13 - ඉන්දියාව - නවසීලන්තය
ජුනි 14 - බටහිර ඉන්දීය කොදෙව් - එංගලන්තය
ජුනි 15 - ඔස්ටේ‍්‍රලියාව - ශ‍්‍රී ලංකාව
ජුනි 15 - ඇෆ්ගනිස්තානය - දකුණු අප‍්‍රිකාව
ජුනි 16 - ඉන්දියාව - පාකිස්තානය
ජුනි 17 - බංග්ලාදේශය - බටහිර ඉන්දීය කොදෙව්
ජුනි 18 - ඇෆ්ගනිස්තානය - එංගලන්තය
ජුනි 19 - නවසීලන්තය - දකුණු අප‍්‍රිකාව
ජුනි 20 - ඔස්ටේ‍්‍රලියාව - බංග්ලාදේශය
ජුනි 21 - එංගලන්තය - ශ‍්‍රී ලංකාව
ජුනි 22 - ඇෆ්ගනිස්තානය - ඉන්දියාව
ජුනි 22 - නවසීලන්තය - බටහිර ඉන්දීය කොදෙව්
ජුනි 23 - පාකිස්තානය - දකුණු අප‍්‍රිකාව
ජුනි 24 - ඇෆ්ගනිස්තානය - බංග්ලාදේශය
ජුනි 25 - එංගලන්තය - ඔස්ටේ‍්‍රලියාව
ජුනි 26 - නවසීලන්තය - පාකිස්තානය
ජුනි 27 - ඉන්දියාව - බටහිර ඉන්දීය කොදෙව්
ජුනි 28 - දකුණු අප‍්‍රිකාව - ශ‍්‍රී ලංකාව
ජුනි 29 - ඇෆ්ගනිස්තානය - පාකිස්තානය
ජුනි 29 - ඔස්ටේ‍්‍රලියාව - නවසීලන්තය
ජුනි 30 - එංගලන්තය - ඉන්දියාව
ජුලි 01 - ශ‍්‍රී ලංකාව - බටහිර ඉන්දීය කොදෙව්
ජූලි 02 - බංග්ලාදේශය - ඉන්දියාව
ජූලි 03 - එංගලන්තය - නවසීලන්තය
ජූලි 04 - ඇෆ්ගනිස්තානය - බටහිර ඉන්දීය කොදෙව්
ජූලි 05 - බංග්ලාදේශය - පාකිස්තානය
ජූලි 06 - ඉන්දියාව - ශ‍්‍රී ලංකාව
ජූලි 06 - ඔස්ටේ‍්‍රලියාව - දකුණු අප‍්‍රිකාව
ජූලි 09 - පළමු අවසන් පූර්ව තරගය
ජූලි 11 - දෙවැනි අවසන් පූර්ව තරගය
ජූලි 14 - අවසන් මහා තරගය

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top