නවසීලන්ත ජයග්‍රහණයේ නියමුවන් වන මාටින් ගප්ටිල් (නොදැවී 73) සහ කොලින් මුන්රෝ (නොදැවී 58)... නවසීලන්ත ජයග්‍රහණයේ නියමුවන් වන මාටින් ගප්ටිල් (නොදැවී 73) සහ කොලින් මුන්රෝ (නොදැවී 58)...
Jun 01, 2019

ලෝක කුසලාන පළමු තරගයෙන් ලංකාවට අන්ත පරාජයක්

ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම එක්වූ පළමු තරගයෙන්ම නවසීලන්තය හමුවේ කඩුලු 10ක පරාජයක් ලැබීය.

එංගලන්තයේ ක්‍රාඩිෆ් හි පැවැති තරගයේ නවසීලන්ත ඇරයුමෙන් මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 136/10 (පන්දුවාර 29.2) දැවී ගියේය.

නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 16.1 කදී කිසිවෙකු නොදැවී ලකුණු 137ක ඉලක්කය පහසුවෙන් පසුකරමින් ජයග්‍රහණය අත්කරගත්තේය.

ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළ මාටින් ගප්ටිල් (නොදැවී 73) සහ කොලින් මුන්රෝ (නොදැවී 58) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 96කට පමණක් මුහුණ දෙමින් නවසීලන්තයට ජය මාවත හෙළිකර දුන්හ.

නායක දිමුත් කරුණාරත්න ලකුණු 52ක් රැස්කරමින් නොදැවී පිටියේ රැදී සිටියේය. කුසල් ජනිත් ලකුණු 29ක් රැස්කළේය.

කුසල් මෙන්ඩිස් (0), ධනංජයද සිල්වා (4), ඇන්ජලෝ මැතිව්ස් (0), ළහිරු තිරිමාන්න (4) හා ජීවන් මෙන්ඩිස් (1) යන පිතිකරුවන්ට ලකුණු 10 සීමාව හෝ පසු කිරීමට නොහැකි විය.

මැට් හෙන්රි හා එච්. ෆර්ගසන් කඩුලු 3 බැගින් දවාගත්හ.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top