මොහොමඩ් සයිෆුඩීන්  ( Photo Credit -  AP) මොහොමඩ් සයිෆුඩීන් ( Photo Credit - AP)
Jun 03, 2019

බංග්ලාදේශයට ලකුණු 21ක ජයක්

මෙවර ලෝක කුසලාන තරගාවලියේ තමන් මුහුණ දුන් පළමු තරගයේදීම ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 21කින් පරාජයට පත් කිරීමට බංග්ලාදේශ පිල ඊයේ (02) සමත්විය.

කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකානු පිලේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ පිල සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 330 ක රැස් කර ගැනීමට සමත් විය.

එය ලෝක කුසලාන තරගාවලියකදී බංග්ලාදේශ කණ්ඩායම වාර්තා කල වැඩිම ලකුණු සංඛ්‍යාව වීමද විශේෂත්වයකි.

බංග්ලාදේශ වෙනුවෙන් ෂකිබ්-උල් හසන් ලකුණු 75ක්, මුෂ්ෆිකර් රහීම් ලකුණු 78 ක් සහ මොහොමදුල්ලා ලකුණු 46 ක් වශයෙන් රැස් කළේය.

ලකුණු 331ක ඉලක්කයක් පසුපස හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායමට සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී රැස් කළ හැකිවූයේ ලකුණු 309ක් පමණි.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ නායක ෆැෆ් ඩූ ප්ලෙසිස් ලකුණු 62 ක් ලබා ගත්තේය.

 දකුණු අප්‍රිකාව එක්දින ශ්‍රේණිගත කිරීම් වල පසුවන්නේ තෙවැනි ස්ථානයේය. 

එංගලන්තය සහ පාකිස්තිනය අතර තරගය ට්‍රෙන්ට් බ්‍රිජ් හිදී අද (03) පැවැත්වීමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top