ශ්‍රී ලංකා පිලට දිමුත් කරුණාරත්න (30) හා කුසල් පෙරේරා (78) එක්ව පළමු කඩුල්ල සඳහා ලකුණු 92ක් එක්කරමින් සාර්ථක ආරම්භයක් ලබාදුන්නද මැද පෙළ පිතිකරුවන් අසාර්තකවීම නිසා පන්දුවාර 36.5 කදී සියලුදෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 201කි.
තරගයට වර්ෂාව හරස්වීම නිසා ලකුණු 187 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ගන් පිල පන්දුවාර 32.2කදී සියලුදෙනා දවාගනිමින් ලකුණු 152 කට සීමා කිරීමට ලසිත් මාලිංග (3/23) හා නුවන් ප්‍රදීප් (4/31) ප්රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.
නජිබුල්ලා සද්රන් (43) ඇෆ්ගන් පිල වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කළේය.
තිරිමාන්න 3000 පසුකරයි
මේ තරගයේදී සිය එක්දින දිවියේ ලකුණු 3000 සීමාව පසුකර යෑමට ශ්‍රි ලංකා පිතිකරු ළහිරු තිරිමාන්න සමත්විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 3000 සීමාව පසුකර ගිය 16 වැනි පතිකරුවා වන්නේ ළහිරු තිරිමාන්නය.
SLINGAට පස්වැනි ස්ථානය
ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභී පන්දුයවන්නන් අතර පස්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ලසිත් මාලිංග අද සමත් විය.
මාලිංග මේ වන විට ලෝක කුසලාන ඉනිම් 23කදී කඩුලු 46ක් දවා ගැනීමට සමත්ව සිටී.
මෙම සටහනේ පෙරමුණ ගෙන සිටින්නේ ඉනිම් 39කදී කඩුලු 71ක් දවා ගත් ඔස්ට්‍රේලියාවේ ග්ලේන් මැග්‍රාත් වන අතර, ඉනිම 39කදී කඩුලු 68ක් දවා ගත් ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්ට මෙහි දෙවැනි ස්ථානය හිමි වී ඇත.
ඉනිම 36කදී කඩුලු 55ක් දවා ගත් පාකිස්තානයේ වසීම් අක්රම් මෙහි තෙවැනි ස්ථානයේ රැඳී සිටියි.
ශ්‍රී ලංකාවෙන් බිහිවූ තවත් සුපිරි වේග පන්දු යවන්නෙකු වන චමින්ද වාස් මෙහි සිව්වැනි ස්ථානය හිමිකරගෙන සිටින්නේ ඉනිම 31කදී කඩුලු 49ක් දවා ගනිමිනි.