Jun 05, 2019

හතුරුසිංහ කට අරියි - පොළව හොඳ නෑ කියයි

ශ්‍රී ලංකා පිලට පසුගිය තරගවලදී ලැබුණු තණතීරු දෙකම එක්දින තරග සඳහා සුදුසු ඒවා නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා කියයි.

අනෙක් තරග සඳහා යොදාගෙන ඇති තණතීරු දෙස බැලීමේදී ඒවා දුඹුරු පැහැයට හුරු ඒවා බවත්, ශ්‍රී ලංකා පිලට ක්‍රීඩා කළ තණතීරු වැඩිපුර කොළ පැහැ ඒවා බවත් ඔහු වැඩිදුරටත් පැවසූ බව අසාම් අමීන් විසින් මුදාහැරි ට්විටර් පණිවුඩයක දැක්වේ.

හොඳ තණතිරු ලැබුණහොත් ඇන්ජලො, මෙන්ඩිස් වැනි පිතිකරුවන් හොදින් ක්‍රීඩා කරතැයි තමා අපේක්ෂා කරන බවද පුහුණුකරු චන්දික පවසා ඇත.

Azzam Twitter

 

 

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top