Jun 10, 2019

නුවන් ප්‍රදීප්ට තරග 2ක් අහිමි වෙයි

පුහුණු සැසියක් අතර ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා ලෝක කුසලාන කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ට ඉදිරි තරග දෙකක් අහිමිවනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ අනුව ඔහුට බංග්ලාදේශ හා ඕස්ට්‍රේලියානු තරග අහිමිවනු ඇතැයි වාර්තා වේ.

බංග්ලාදේශයට එරෙහි තරගය ලබන 11 වැනිදා පැවැත්වේ.

දකුණතින් වේග පන්දු යවන ප්‍රදීප්ගේ දකුණු අතේ සුලැඟිල්ල තුවාල තිබූ ආකාරයට ඔහු තව දුරටත් ලෝක කුසලාන තරගාවලියේ රැදී සිටීම අවිනිශ්චිත බවද වාර්තා වේ.

කෙසේවුවද, කණ්ඩායම් කළමණාකරු අසන්ත ද මෙල් මහතා සඳහන් කලේ සතියක පමණ කාලයක් විවේක ගැනීමට ඔහුට සිදුවී ඇති බවත්, ඔහුට අහිමිවන්නේ බංග්ලාදේශ තරගය පමණක් බවයි.

සබැඳි පුවත්
කුල්ගේ පහරින් නුවන් ප්‍රදීප්ට ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි!

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top