Jun 11, 2019

මාලිංග ලංකාවට : නැන්දම්මා අභාවප්‍රාප්ත වෙලා

ලෝක කුසලාන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සමඟ අද (11) පැවැත්වෙන තරගයෙන් පසු තමන් යළි දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.

බිරිඳගේ මව අභාවප්‍රාප්ත වීම හේතුවෙන් තමා යළි දිවයිනට පැමිණෙන බව ලසිත් මාලිංග මාධ්‍යට පවසා ඇත.

සිය නැන්දනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන බ්‍රහස්පතින්දා සිදු කිරීමට නියමිත බව මාලිංග ඔහු පවසා තිබේ.

අවමංගල්‍ය කටයුතු අවසන් වීමෙන් පසු යළි කණ්ඩායම සමඟ එකතුවීමට බලාපොරොත්තු වන බව ලසිත් මාලිංග වැඩිදුරටත් කියා අත.

බංග්ලාදේශය සමඟ අද තරගයෙන් පසු ශ්‍රී ලංකාව ලබන සෙනසුරාදා ප්‍රභල ඔස්ට්‍රේලියා කණ්වඩායම සමඟ තරග වැදීමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top