Pic - TOI Sports Pic - TOI Sports
Jun 15, 2019

නැවතත් මැඳ පෙළ අසාර්ථකයි - ඔස්ට්‍රේලියාවට පහසු ජයක්

Update - ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව පරදා ලකුණු 87ක පහසු ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.

මුලින්ම පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ලකුණු 334/7ක් රැස්කිරීමට සමත්වූ අතර ශ්‍රි ලංකා කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 247ක් පමණි.

සුපුරුදු පරිදි මෙම තරගයේදිත් ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාදීමට නායක දිමුත් කරුණාරත්න (97), කුසල් පෙරේරා (52) සමත්වූය. කෙසේ වෙතත් සෙසු සියලුම පිතිකරුවන් අසාර්ථක විය.

Last Update - 2019-06-15 19:15:21______________________________

ලංකාවට ලකුණු 335ක ඉලක්කයක් !

ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියාව අතර තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිලේ ආරාධනයෙන් මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු පිල සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 7කට ලකුණු 334ක් රැස් කළේය.

ලන්ඩන්හි කෙනිංටන් ඕවල් පිටියේ පැවැත්වෙන මේ තරගයේදී ඕස්ට්‍රේලියානු ඉනිම වෙනුවෙන් ඇරොන් ෆින්ච් ලකුණු 153 හා ස්ටීවන් ස්මිත් ලකුණු 73 ක් රැස්කරමින් ඕස්ට්‍රේලියානු ඉනිම ශක්තිමත් කළේය.

ධනංජය ද සිල්වා ලකුණු 40කට කඩුලු දෙකක් දවා ගත්තේය.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top