Jun 19, 2019

ක්‍රිකට් ආයතනයට එරෙහිව අවිශ්ක අධිකරණයට යයි

ශ්‍රී ලංකාවේ ජාතික පිල නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු හා ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතුකල අවිශ්ක ගුණවර්ධන මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් තමාගේ සේවය අනීතික ලෙස අත්හිටුවීමට එරෙහිව අභියාචනාධිකරණයේ ගොනුකර තිබේ.

ඔහු අභියාචනාධිකරණයේ CA (w) 253/19 දරණ නඩු අංකය යටතේ මේ පෙත්සම ගොනුකර ඇත.

2017 වසරේදී සාජා හි පැවති T10 පෞද්ගලික ක්‍රිකට් තරඟාවලියකට තමා සහභාගීවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ඇති අධිකරණ බලය මෙමගින් ඔහු අභියෝගයට ලක්කර තිබේ.

තවද, වංක චේතනාවන් හා වෙනත් අරමුණු හේතුවෙන් මෙම ක්‍රියාවන් සිදුවන බවටද ඔහු චෝදනා කරසිටී.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top