Jun 21, 2019

27 වැනි මර්සිඩීස් ශූරතාව 06 දා

විසිහත් වැනි මර්සිඩීස් ශූරතා (Mercedes Trophy) ගෝල්ෆ් තරගාවලිය ලබන ජූලි 06 වැනිදා කොළඹ රාජකීය ගෝල්ෆ් පිටියේදි පැවැත් වේ.

මේ සදහා ඩීමෝ ආයතනයයෙන් මර්සිඩීස් බෙන්ස් (Mercedes - Benz) මෝටර් රථ මිලදීගත් පාරිභෝගිකයන්ට සහභාගි වීමේ අවස්ථාව හිමිවේ.

එහිදි මූලික වශයෙන් කාන්තා කාණ්ඩය 4ක් යටතේ තරග පැවැත්වෙන අතර මෙහි ජයග්‍රාහකයන්ට ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන මර්සිඩීස් ශූරතා (Mercedes Trophy) ආසියානු තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාව ලැබීම විශේෂ සිද්ධියකි.

මර්සිඩීස් ශූරතා (Mercedes Trophy) ආසියානු තරගාවලිය සදහා සහාභාගී වන රටවල් නවයේ ඉහළම දක්ෂතා දක්වන ක්‍රීඩකයා මර්සිඩීස් ශූරතා (Mercedes Trophy) ලෝක තරගාවලියේදී ආසියාව නියෝජනය කරන කණ්ඩායමට ඇතළත් වේ.

එම තරගාවලිය 2019 සැප්තැම්බර් 30 වැනිදා සිට 2019 ඔක්තෝබර් 5 වැනිදා දක්වා Stuttgart Marriott Hotel Sindelfingen හිදී පැවැත්වීමට නියමිතය.

මර්සිඩීස් කුසලාන තරගාවලියේ 30 වැනි සංවත්සරය වෙනුවෙන් මර්සිඩීස් බෙන්ස් (Mercedes - Benz) සමාගම ආසියානු තරගාවලිය සදහා පනවා තිබු විකල්ප තහනම මෙන්ම ලෝක තරගාවලිය සදහා පනවා තිබු නිත්‍ය තහනම ද ඉවත් කිරීමට කටයුතු කර ඇති බව කොළඹ රාජකීය ගොල්ෆ් පිටියේ පැවැති මේ තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී හෙළිවිය.

එහිදී ඩිමෝ නව සන්නාමය ද හඳුන්වාදීම සිදු කළ අතර එහිදී ඩීමෝ සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා කියා සිටියේ “2019 වසරේදී සිය 80 වැනි සංවත්සරය සමරන ඩීමෝ සමාගම වෛදය ඉංජිනේරු ගොඩනැගිලි කළමණාකරණ පද්ධති බල උත්පාදන සහ බෙදාහැරීම් ගබඩාකරණ සහ ගබඩා විසදුම් නැව් අලුත්වැඩියා‌ සහ කෘෂි මෙවලම් පරිපූර්ණ ආලෝකකරණ විසදුම් වැනි ක්ෂේත්‍ර ඔස්සේ ව්‍යාපාරික කටයුතු විවිධාංගිකරණය කරමින් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්වය නගාසිටිවීමට ජාතික ආර්ථිකය සවිබල ගැන්වීමටත් සුවීශේෂී දායකත්වයක් ලබාදී ඇති" බවයි.

මේ අවස්ථාවට රෝයල් ගෝල්ෆ් සංගමයේ නවින් ද සිල්වා මහතා, ශිරාන් ප්‍රනාන්දු මහතා, ඩීමෝ ආයතනයේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂක රංජිත් පණ්ඩිතගේ මහතා, ඩීමෝ සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිළධාරී ගහනාත් පණ්ඩිතගේ මහතා, ඩීමෝ සමාගමේ සාමාන්‍යාධිකාරි රජිව් පණ්ඩිතගේ මහතා මෙන්ම ඩීමෝ සමාගමේ ප්‍රධාන වෙළඳ නිළධාරි අසංග රණසිංහ යන මහත්වරුන් සහභාගිවී සිටියහ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top