Jun 21, 2019

සත්කාරක එංගලන්තය ලංකාවට පරදියි

ලෝක කුසලාන ක්‍රිකට් තරගයේ අද (21) ලීඩ්ස්හි හෙඩින්ලි ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් සත්කාරක එංගලන්තය ලකුණු 20 කින් පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙමින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 232 ක් ලබාගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තට සියල්ලන් දැවී පන්දුවාර 47 කදී ලබාගත හැකිවූයේ ලකුණු 212 ක් පමණි.

මෙහිදී ලසිත් මාලිංග පන්දුවාර 10 අවසානයේ ලකුණු 43කට කඩුළු 4ක් දවා ගත් අතර ධනංජය සිල්වා ලකුණු 32කට කඩුළු 3යි, ඉසුරු උදාන ලකුණු 43කට කඩුළු 2ක් දවා ගත්තේය.

තරගයේ වීරයා සම්මානය ද දිනාගත් ලසිත් මාලිංග අද තරගයේදී ලෝක කුසලාන තරගවලදී කඩුලු 50ක් දවා ගැනීම ද සටහන් කළේය.

විචාරකයන් හොල්මන් කළ කෝඩුකාරයා

Avishka Fernandoඅවිශ්ක ප්‍රනාන්දු

පළමු ලෝක කුසලානය තරඟයට ක්‍රීඩා කළ අවිශ්ක ප්‍රනාන්දු වේගවත් ලකුණු 49ක් රැස්කරමින් එක් රැයකින් තරුවක් බවට පත් විය.

ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයන්ගේ අවධානය තමන් වෙත යොමු කරගත් මෙම පිතිකරුවාගේ පන්දු 39ක් තුල ගොඩ නැගුනු ඉනිමට දැවැන්ත හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් ඇතුළත් විය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top