මේ අනුව ශ්රී ලංකාවට ලෝක කුසලාන අවසන් පූර්ව වටයට යාමට තිබූ බලාපොරොත්තු දුරස් වූ අකර ලංකාවට අවසන් පූර්ව වටයට යාමට නම් ඉදිරි තරග දෙකම ජයගත යුතු වේ. ඒ අතර අපරාජිත මෙවර තරගවලියේ ප්රබලතම ඉන්දියානු කණ්ඩායමද වේ.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 203 කට දැවී ගිය අතර දකුණු අප්රිකානු කණ්ඩායම කඩුල්ලක් පමණක් දැවී ලකුණු 206 ක් ලබා ගනිමින් ජයග්රහී ඉලක්කය පසු කළේය.
දකුණු අප්රිකාව ජයග්රහණය වෙනුවෙන් වැය කළේ පන්දුවාර 37.2ක් පමණි.
නායක ෆෆ් ඩු ප්ලෙසි ළකුණු 96 ක්ද හෂීම් අම්ලා 80 ක්ද රැස් කළහ.
කාසියේ වාසිය දිනාගත් දකුණු අප්රිකානු නායක ෆෆ් ඩුප්ලෙසි පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය.
කුසල් ජනිත් පෙරේරා සහ අවිශ්ක ප්රනාන්දු ළකුණු 30 බැගින් ශ්රී ලංකා ඉනිමට එක් කිරීමට සමත් විය.
ධනංජය ද සිල්වා 24 ක් කුසල් මෙන්ඩිස් 23 ක් හා තිසර පෙරේරා 21ක් වශයෙන් ශ්රී ලංකා ඉනිමට දායන විය.
පන්දු යැවීමේදී ඩ්වේන් ප්රිටෝරියස් සහ ක්රිස් මොරිස් කඩුලු 3 බැගින් බිඳ හෙලූහ.