Jul 02, 2019

මාලිංගගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට දෝස් මුරයක්  Featured

ක්‍රිකට් ආයතනය මට කරපු දේවල්වල හැටියට මගෙන් දේවල් බලාපොරොත්තු වෙයි කියලා හිතන්න අමාරු බව ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.

ඔහු මේ බව පැවසුවේ මෙරට ජනප්‍රිය රූපවාහිනී ආයතනයක මාධ්‍යවේදියෙකු සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. 

අදාළ සම්මුඛ සාකච්ඡාවේදීබ ඉදිරියට පුහුණුකරුවෙක් විදියට හෝ ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීමට අදහසක් තියෙනවාද යැයි මාධ්‍යවේදියා ලසිත් මාලිංග ගෙන් විමසා ඇත. 

ඔහු එවිට දක්වා ඇත්තේ මෙවන් අදහසකි.

"පුහුණුකරුවෙක් නම් වෙනස් ආකාරයේ කෙනෙක් වෙන්න ඕන. ඒ වගේ දෙයක් කරන්න මට ඕන. ක්‍රිකට් ආයතනය හෝ ක්‍රීඩකයන් බලාපොරොත්තු වෙනවානම්. මගේ රට වෙනුවෙන් ඒ දේ කරන්න මම කැමතියි. ක්‍රිකට් ආයතනය මට කරපු දේවල්වල හැටියට. මගෙන් දේවල් බලාපොරොත්තු වෙයි හිතන්න අමාරුයි. මම හිතනවා ලංකාවේ නැතත් පිටරටක මට පිළිගැනීමක් තියෙයි කියලා"

ලසිත් මාලිංග වැඩිදුරටත් මෙසේද පවසා ඇත. 

"පුහුණුකරු නායකයා වෙනුවෙන් මම ක්‍රීඩා කළේ නැහැ. මට හම්බ වෙන තරගය මම දිනන්න ක්‍රීඩා කළා. කඩුල්ලක් ගන්න බැරි වුණාම. නායකයාගේ වැරදි කියන්නේ නැහැ.ලකුණු 100ක් ගැහුවාම පුහුණුකරු වෙනුවෙන් කියන්නේ නැහැ. ඒ වගේ ළාබාල මානසිකත්වයක් නැහැ මට. සමහර අයගේ පටු අරමුණුවලට එක එක දේ කළාට.ක්‍රිකට් ක්‍රීඩාවේ සාර්ථකත්වයට බලපාලා නැහැ ඒක. අයි.සී.සී එකේ අපි ඉන්නේ 9 වෙනි තැන. කවුරු ක්‍රිකට් දියුණු කළා කිව්වත් තියෙන තැන පේනවා. දැනුමක් නැති අනුන්ට ඕන විදියට වැඩ කරන අය. තේරීම් කමිටුවට පත් කරන්න එපා"

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top