Jul 03, 2019

කෝලි, ෂර්මා ට ස්පෙෂල් ෆෑන් ගේ ආශිර්වාද (වීඩියෝ)

ඊයේ දින ලකුණු 28කින් බංගලාදේශය පරදවමින් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසාන තරග වටයට සුදුසුකම් ලැබුවේ ලොවපුරා ඉන්දීය ක්‍රිකට් ලෝලීන් ගේ සතුට මධ්‍යයේය.

කෙසේවෙවත්, තරගයේ සුවිශේෂීම අවස්ථාවක් වාර්තා වූයේ පිටිය මැද නොව තරගය අවසානයේ පිටියෙන් පිටතය.

ඒ, විශේෂ ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි හා රෝහිත් ශර්මා 87 හැවිරිදි ක්‍රිකට් ලෝලියෙකුගෙන් ආශිර්වාද ගන්නා අවස්ථාවකි.

චාරුලතා පටෙල් නම් ඇය, තරගය නැරඹීමට පැමිණ සිටි වඩා තරුණ පිරිස් වලට නොදෙවනිව ඉතා උද්යෝගීමත් ලෙස ඉන්දීය පිල දිරිමත් කළ අයුරු දක්නට ලැබුණි.

කෝලි හා ශර්මා ඇයව හමුවී කතා බස් කළ අයුරු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ට්විටර් ගිණුමේ සටහන් වී තිබුණේ මෙලෙසයි. මෙහිදී පටෙල් 'special fan' හෙවත් ‘සුවිශේෂී ලෝලියෙකු’ ලෙස ICC ය විසින් හඳුන්වාදී තිබුණි.



කෝලි විසින් ද මෙම විශේෂ මොහාත පිළිබඳව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබුණේ මෙසේය.


Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top