Jul 04, 2019

අවිශ්ක අනාගතයට හොඳ ආයෝජනයක් - මහේල Featured

ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉදිරි සිව් වසර සඳහා කණ්ඩායම සකස් කිරීමේදී මෙවර ලෝක කුසලානයෙන් ආදර්ශයක් හෙවත් පාඩමක් ඉගෙනගත යුතු බවත් එහිදී අවිශ්ක ප‍්‍රනාන්දු හොඳ අනාගත ආයෝජනයක් බවත් හිටපු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක සහ ලෝක කුසලාන තානාපතිවරයකු වශයෙන් කටයුතු කරන මහේල ජයවර්ධන පවසයි.

ඉදිරි වසර හතර සඳහා ශ‍්‍රී ලංකා පිල මෙවර අයි. සී. සී. ලෝක කුසලානයේදී පාඩමක් ඉගෙන ගත යුතු යැයි ඒ සඳහා දැනටමත් අවිශ්ක ප‍්‍රනාන්දු හොඳ ආදර්ශයක් ලබාදී තිබෙන බව ඔහු සදහන් කර ඇත.

"අවිශ්කව මම දන්නේ ඔහු වයස අවුරුදු 19 න් පහළ ක‍්‍රීඩා කරන අවධියේ සිටයි. ඔහුව මම දන්නේ අවුරුදු 19 න් පහළ ක‍්‍රීඩා කරන කාලයේ ඉඳන්. පළමු පෙළ තරගයක්වත් ක‍්‍රීඩා නොකර හිටිද්දී ඔහුට ජාතික කණ්ඩායමේ ස්ථානය හිමිවුණා. එහිදී ඔහු ඔස්ටේ‍්‍රලියාවේ මිචෙල් ස්ටාර්ක්ට සහ පැට් කමින්ස්ට මුහුණ දුන්නා. ’’

"ඔහු චරිතයක් බව ඔප්පු කර පෙන්නුවා. එංගලන්තය සමග තරගයේදී ඔහු ආක‍්‍රමණකාරී පිතිකරණයක නියැළුණා. නමුත් බටහිර ඉන්දීය කොදෙව්වන් සමග තරගයේදී එයින් මිදී නිර්භීත ඉනිමක් ක‍්‍රීඩා කරමින් ශතකයක් (104) ලබා ගත්තා. ඔහුගේ දක්ෂතාව පුදුමයක් නොවෙයි. අවිශ්කට ගොඩක් දක්ෂතා තියෙන බව අපි දැන සිටියා. ’’

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top