Jul 06, 2019

ටෙස්ට් හා විස්සයි 20 තරග සංචාරකට නවසීලන්තය ලංකාවට

ටෙස්ට් තරග දෙකකට හා විස්සයි20 තරග තුනකට එක්වීම සඳහා නවසීලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මස 03 දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

තරගාවලිය ආරම්භ කරමින් පළමු ටෙස්ට් තරගය අගෝස්තු 14 දා ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර අවසාන විස්සයි 20 තරගය සැප්තැම්බර් 06 වැනිදා පල්ලෙකැලේ ක‍්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත.

තරග කාලසටහන

ටෙස්ට් තරඟාවලිය
*පළමු ටෙස්ට් තරඟය අගෝස්තු 14 - ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී
*දෙවන ටෙස්ට් තරඟය අගෝස්තු මස 22 වනදා - කොළඹ පී.සරා ඕවල් ක්‍රීඩාංගනයේදී

පන්දුවාර විස්සයි විස්ස තරඟාවලිය
*පළමු 20-20 තරඟය අගෝස්තු 31වනදා - කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී
*දෙවන 20-20 තරඟය සැප්තැම්බර් 02 වනදා - කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී
*තුන්වන 20-20 තරඟය සැප්තැම්බර් 06 වනදා - මහනුවර පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top