බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ඊයේ (09) නිල වශයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කිරීමේ ආරක්ෂාව තහවුරු කර ඇති බව නිවේදනය කර තිබිණි.
පාස්කු ප්‍රහාරයෙන් පසුව ලංකාවේ සංචාරය කරනු ලබන පළමු විදෙස් ක්‍රිකට් කණ්ඩායම වන්නේ ශ්‍රී ලංකා පිලයි.
බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී නිෂාමුදීන් චෞද්රි මහතා පවසා ඇත්තේ තම ආරක්ෂක උපදේශකයින්ගෙන් සුභවාදී ප්‍රතිචාර ලැබී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සතුටුවන අතරම ලංකාවේ සංචාරය කිරීමට තිරණය කර ඇති බවයි.
ජූලි 23 ඒ අනුව බංග්ලාදේශ පිල ලංකාවට පැමිණීමට නියමිතය.
ඔවුන් ජූලි 26,28 හා 31 යන දිනයන්හිදී ශ්‍රී ලංකා පිල සමඟ එක්දින තරග තුනකට සහභාගි වේ.
සියලුම තරඟ කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී පැවැත්වේ.
කෙසේවවුද, නවසීලන්තය ද ටෙස්ට් තරග දෙකක් හා පන්දුවාර විස්සයි - 20 තරග තුනකට සහභාගිවීමට ලබන අගෝස්තුවේ ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර නිවේදනය කළේය.