එංගලන්තය දිනාගත් පළමු ක්‍රිකට් කුසලානය මෙය වේ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත පිල පන්දුවාර 50 අවසානයේ කඩුලු 8කට රැස් කළ ලකුණු 241ක ඉලක්කය හඹා ගිය එංගලන්ත පිල ද පන්දුවාර 50 අවසානයේ ලකුණු 241කට දැවී ගියේය.
වසර 1975දී එංගලන්තයෙන් ඇරඹි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක ලකුණු සමවීමෙන් නිමාවට පත් ඉතිහාසයේ පළමු තරගය මෙයයි.
ඒ අනුව ඉතිහාසයේ පළමු වරට ලබාදුන් සුපිරි පන්දුවාරයේදී පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත පිල ලකුණු 15ක් රැස් කළ අතර නවසීලන්ත කණ්ඩායමත් තම පන්දුවාරය තුළ ලකුණු 15ක් රැස් කිරීමට සමත්විය.
එහෙත් එංගලන්තයට ජය හිමිවූයේ නියමිත පන්දුවාර 50 ඇතුළත මෙන්ම සුපිරි ඕවරය තුළ හතරේ සීමාවෙන් එපිටට වැඩිම පහරවල් සංඛ්‍යාවක් එල්ල කිරීම නිසාය.
නවසීලන්තය තරගය පුරා හතරේ පහර 14ක් එල්ල කළ අතර එංගලන්ත පිල තරගය පුරා හතරේ පහර 24ක් එල්ල කිරීමට සමත්ව තිබිණි.
කෙසේවුවද, මේ තරඟ විනිශ්චය නවසීන්තයට අසාධාරණයක් කළ බව ඇතැම් ක්‍රිකට් විචාරකයන්ගේ මතය වන අතර එංගලන්තයට කිරුළ හිමිවූයේ අර්ධ ජයකින් බවද පැවසේ.
මෙහිදී අවසන් තරගයේ වීරයා සම්මානය එංගලන්තයේ අවසන් තරගයේ වීරයා බෙන් ස්ටෝක්ස්ට හිමිවූ අතර තගාවලියේ වීරයා සම්මානය නවසීන්ත පිලේ කේන් විලියම්සන්ට හිමි විය.