ඒ, 7-6 (7-5) 1-6 7-6 (7-4) 4-6 13-12 (7-3) වශයෙනි.
පැය 4ක් හා විනාඩි 57ක් පැවති මෙම තරගය විම්බ්ල්ඩන් ඉතිහාසයේ මේ දක්වා පැවති දීර්ඝතම කේවල පරිමි අවසාන මහා තරගය ලෙසද සටහන් විය. මීට පෙර දීර්ඝතම තරගය ලෙස සටහන් වී තිබුණේ රොජර් ෆෙඩරර් හා රෆායල් නඩාල් අතර 2008 දී පැවති විම්බ්ල්ඩන් අවසාන මහා තරගයයි.
මෙම ජයත් සමග ජොකොවික් ග්රෑන්ඩ් ස්ලෑම් ශූරතා 16ක් දිනාගැනීමට සමත් වී ඇත. කෙසේවෙතත්, මෙම තරගය දිනාගැනීමට ෆෙඩරර් සමත් වූයේ නම්, ඔහු විවෘත තරගාවලියක ග්රෑන්ඩ් ස්ලෑම් ශූරතාවය දිනාගත් වයස්ගතම ක්රීඩකයා ලෙස ඉතිහාසයට එක්වන්නට තිබුණි.