ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ව්‍යවස්ථාවට පටහැනි ලෙස එරට ක්‍රිකට් ක්‍රීඩාව පවත්වාගෙන යාම හේතුවෙනි.
ඊට ප්‍රධාන හේතුව ලෙස ඔවුන් පෙන්වා දී ඇත්තේ සිම්බාබ්වේ කි‍්‍රකට් පරිපාලනයට රජයේ මැදිහත්වීමක් නොමැති බව තහවුරු කිරීමටද එරට කී‍්‍රඩා බලධාරීන් අපොහොසත් වීමයි.
එම තීරණයත් සමග සිම්බාබ්වේ කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලබා දෙන සියලු ප්‍රතිපාදන අත්හිටුවීමට තීරණය කර තිබේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර අයි.සී.සීය විසින් දන්වා නොමැත. මීට පෙර පසුගිය මසදී අයි.සී.සී. ය විසින් සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සියළු සාමාජිකයන්ගේ තනතුරු අත්හිටුවීමටද ක්‍රියා කළහ.