බංග්ලාදේශ සංචාරයට ක්‍රිකට් පිල නම් කිරීමෙන් පසුව මොවුන්ට ඉල්ලා අස්වන ලෙස දන්වා ඇති බව පැවසේ.
වත්මන් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස අසන්ත ද මෙල් කටයුතු කරන අතර, සෙසු සාමාජිකයන් ලෙස බ්‍රෙන්ඩන් කුරුප්පු, චමින්ද මෙන්ඩිස් හා හේමන්ත වික්‍රමරත්න කටයුතු කරනු ලබයි.
මේ අතර, අලුත් තේරීම් කමිටුවට හිටපු තේරීම් කමිටු සාමාජිකයන් ඇතුළු විය හැකි බවට ද ක්‍රීඩා අමාත්‍ය ආරංචි මාර්ගවලින් වාර්තා වන අතර, කෙසේවුවද ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායම නම් කිරීමේ දී කණ්ඩායමට නම් කරන ලද ක්‍රීඩකයෙකුගෙන් තරගාවලි දීමනාවෙන් 10%ක අල්ලස් ලබා ගෙන ඇතැයි ක්ෂේත්රයේ කතාබහට ලක්ව ඇති කමිටු සාමාජිකයාට නම් නැවත අවස්ථාවක් නොලැබෙනු ඇතැයි එම ආරංචි මාර්ගවලින් වාර්තා වේ.