Jul 22, 2019

පස්වැනි වරටත් නවසීලන්තය නෙට්බෝල් කිරුළ ඩැහැ ගනියි

එංගලන්තයේ ලිවර්පූල් හීදී පැවති 2019 ලෝක කුසලාන නෙට්බෝල් තරගාවලියේ පස්වැනි වරටත් ලෝක කුසලානය දිනා ගැනීමට නවසීලන්ත ක්‍රීඩිකාවන් සමත් විය.

ඒ තරග වට 4 ක් අවසානයේ ගෝල 52 ට 51 ක් ලෙස තියුණු තරගයකින් පසු පසුගියවර ශූරයින් වූ ඔස්ට්‍රේලියා කණ්ඩායම පරාජය කරමිනි.

ශ්‍රී ලංකාවද ඊට එක් වූ අතර ඔවුන්ට ලෝක ශ්‍රේණිගතකිරීම් අනුව හිමි වූයේ 15 වැනි ස්ථානයයි.

ගෝල 348 ක් ශ්‍රී ලංකාවේ තර්ජනි සිවලිංගම් මෙවර ලෝක කුසලාන නෙට්බෝල් තරගාවලියේ වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රිඩීකාව ලෙස වාර්තා අතරට එක්ව සිටී.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top