Jul 22, 2019

පැකියාඕ, වයස්ගතම වෙල්ටර්වේට් ශූරයා වෙයි

ලොව බොක්සිං ඉතිහාසයේ වයස්ගතම වෙල්ටර්වේට් ශූරයා බවට පත්වීමට 40 හැවිරිදි පිලිපීන ජාතික බොක්සිං ක්‍රීඩක මැනී පැකියාඕ සමත් වී තිබේ.

ඒ, ලෝක බොක්සිං සංගමයේ සුපිරි ශූරයා වන 30 හැවිරිදි ඇමෙරිකානු ජාතික කීත් තර්මන් පරාජය කරමිනි.

තරගයේ එක් තීරකයෙකු 115-112 ලෙස පැකියාඕ හට ද අනෙක් තීරකයා 114-113 ලෙස තර්මන් හට ද ජයග්‍රාහී ලකුණු ලබාදී තිබුණි.

කෙසේවෙතත්, මෙම ජයග්‍රහණයෙන් අනතුරුව මාධ්‍ය අමතමින් පැකියාඕ පවසා තිබුණේ මෙම ජයග්‍රාහණය ලැබීම ආශිර්වාදයක් ලෙස සලකන බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top