Jul 23, 2019

බිරියගේ FB එකෙන් Live ආ මාලිංග වන්ඩේවලට සමුදෙන බව කියයි

(වීඩියෝ) - එක්දින ක්‍රිකට් පිටියෙන් තමා සමු ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග කියයි.

ඔහු සඳහන් කරන්නේ ලබන 26 වැනිදා පැවැත්වෙන බංග්ලාදේශයට එරෙහි එක්දින තරගයෙන් පසු එක්දින ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තමා සූදානම් වී ඇති බවයි.

එම තරගාවලියේ පළමු එක්දින තරගය ලබන 26 වැනිදාත්, දෙවන එක්දින තරගය 28 වැනිදාත් පැවැත්වේ.

අවසන් එක්දින තරගය පැවැත්වෙන්නේ 31 වැනිදායි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top