ජාත්‍යන්තර ක්රිකට්වලදී විකට් ටේකින් පන්දු යවන්නෙක් ලෙස තමාව හඳුනන බව පැවසු මාලිංග එයට සියයට 90 ක සහය හිමි වුයේ නුවන් කුලසේකරගෙන් බව ද කුලසේකර නිල වශයෙන් ඊයේ (24) දිනයේ දී ක්‍රීඩාවෙන් සමු ගත් බවත් තමා සමඟ වසර 13 ක පමණ කාලයක් ඔහු එක්ව ක්‍රිඩා කළ බවත් පැවසීය.
ඒ සම්බන්ධයෙන් මාලිංග විසින් නුවන් කුලසේකරට ස්තූතිය පළ කර සිටි තර පුහුණුවීම් සඳහා සහභාගී වී සිටිම හේතුවෙන් නුවන් කුලසේකරගේ සමුගැනීමට එක් වීමට නොහැකි වු බව ද පැවසීය.
තමා මේ මස 26 වන දින සමුගන්නා බවත් "අපි දෙන්නාම එකම කාලේ ඇවිත් එකම කාලේ යනවා, කුලසේකර ප්‍රේක්ෂකයෙක් ලෙස හෝ සමුගැනීමේ තරගයට එක්වෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා, අපි දෙන්නාගේ කාලේ ඉවරයි, කුලේට ගොඩක් ස්තූතියි" යැයි ඉතා හැඟුම්බරව පැවසු මාලිංග ඉදිරියේ දී කුලසේකර පුහුණුකරුවෙක් ලෙස හෝ එක්වෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද වැඩිදුරටත් පවසා සිටියේය.