Jul 27, 2019

පිලත්, රටත් එපා වූ ලසිත් මහින්දට පිංදී පිටියෙන් සමුගනියි ! Featured

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා - බංග්ලාදේශ එක් දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලකුණු 91කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (26) රාත්‍රියේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සමත් විය.

එම තරගයෙන් අනතුරුව සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ජාත්‍යන්තර තරග බිමට සමු දුන්නේය.

ස්තූතිය පිරිනැමුවා. තමන් ජාත්‍යන්තර තලයට ගෙන ආ පුහුණුකරුවා වු ශ්‍රී ලංකා පිලේ හිටපු වේග පන්දු පුහුණුකරු චම්පක රාමනායක මහතා වෙත ලසිත් මාලිංග සමරු තිළිණයක් පිළිගැන්වීමද විශේෂිතය.

තමන් ආබාධයකට ලක් වූ අවස්ථා දෙකකදී සහය දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ වෛද්‍ය ඒලියන්ත වයිට්ට මහතාට ද මාලිංග මෙහිදී පිංදීම ද කැපී පෙණුනි.

(හඬපටය නෙත් නිවුස්)

දිවා රාත්‍රී තරගයක් ලෙස පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා ලකුණු 111ක් රැස් කළේ පන්දු 99කිනි.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 48ක් රැස් කළ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 43යි.

ශෆියුල් ඉස්ලාම් ලකුණු 62ට කඩුලු 3ක් දවා ගත්තේ ය.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 314කි.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි බංග්ලාදේශ ඉනිම සුනු විසුණු කිරීමට ලසිත් මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

ක්‍රීඩාංගණයට රැස් වුණු දහස් ගණනක් වූ ක්‍රීඩා ලෝලීන්ගේ ඔල්වරසන් මධ්‍යයේ මාලිංග තරගයේ පළමු කඩුල්ල දවා ගත්තේ පළමු පන්දු වාරයේදී ය.

මාලිංගට අනගි සහයක් ලබා දුන් නුවන් ප්‍රදීප් රොෂාන් කඩුලු 3ක් දවා ගත් අතර ශ්‍රී ලංකා පන්දු යවන්නන් අබියස බංග්ලාදේශ පිතිකරුවන් 5 දෙනෙකුටම ලකුණු 10 සීමාව පසු කිරීමට හැකි නොවීය.

සබීර් රහ්මාන් ලකුණු 60ක් රැස් කළ අතර මුෂ්ෆිකර් රහීම් ලකුණු 67ක් රැස් කළේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමිනි.

MaliFamilyතරගය නැරඹීමට පැමිණි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පිටියේදී මාලිංග හා පවුලේ අය හමුවී...ලකුණු 200ක් තුළ බංග්ලාදේශයේ කඩුලු 9ක් බිඳ වැටුණු අතර සිය අවසන් එක්දින පන්දු වාරයේ සිව් වැනි පන්දුවේදී ලකුණු 223කට බංග්ලාදේශ අවසන් කඩුල්ල දවා ගැනීමට ලසිත් මාලිංග සමත් විය.

ඒ අනුව මාලිංග මෙම තරගයේදී කඩුලු තුනක් දවා ගත් අතර වසර 15ක එක්දින තරග ඉතිහාසයේ දවාගෙන ඇති මුළු කඩුලු ගණන 338කි.

කඩුලු ත්‍රිත්ව තුනක් දවා ගත් ලොව එකම පන්දු යවන්නා වන මාලිංග ලොව වැඩිම කඩුලු ලාභී එක්දින පන්දු යවන්නන් අතර 9 වන ස්ථානයේ රැඳී සිටියි.

මුත්තයියා මුරලිදරන් සහ චමින්ද වාස්ගෙන් අනතුරුව එක්දින පිටියේ වැඩිම කඩුලු ලාභී පන්දු යවන්නා වන්නේ ද ලසිත් මාලිංග ය.

මාලිංග ඕස්ට්‍රේලියාවේ පදිංචියට යයි

ලසිත් මාලිංග ලෝක කුසලාන තරග සංචාරයෙන් පසු සිය පවුලේ සාමාජිකයින් සමග ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබූ අතර ඔහු එහි පදිංචිවීමට සූදානම් බව පැවසේ.

ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමේන් අනතුරුව ලසිත් මාලිංග එහි පුහුණුකරුවෙක් වශයෙන් කටයුතු කිරිමේ සුදානමක් පවතින බවද වාර්තා වේ.

MalingaT

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top