Jul 29, 2019

අවසන් මහා තරඟයේ ධර්මසේනගේ තීන්දුව නිවැරදියි - ICC

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී මතභේදයට තුඩුදුන් විනිසුරු තීරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රතිචාර දක්වා තිබේ.

තරගයේ එංගලන්ත ඉනිමේ පන්දුවට පහරදෙමින් සිටි බෙන් ස්ටොක්ගේ පිත්තේ වැදී ගිය පන්දුවකට ලකුණු 06ක් ලබාදීම වැරදි තීන්දුවක් බවට විවිධ පාර්ශව විසින් චෝදනා එල්ල කර තිබුණේ එම අවස්ථාවේ ඔහු සීමාව පසුකර නොතිබීම හේතුවෙනි.

කෙසේවෙතත් අදාළ අවස්ථාවේ දී කුමාර ධර්මසේන සහ මරායිස් එරස්මස් යන පිටියේ විනිසුරුවරුන් දෙදෙනා නිවැරදි ක්‍රියාවලිය අනුගමනය කරමින් සිය තීන්දුව ලබා දී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමානාධිකාරීවරයෙකු වන ජෙෆ් ඇලාර්ඩිස් ප්‍රකාශ කර ඇත.

එවැනි අවස්ථාවක තෙවැනි විනිසුරුවරයාගේ තීරණය විමසීමට පිටියේ විනිසුරුවරුන් දෙදෙනාට අවස්ථාව හිමි නොවන අතර එම විනිසුරුවරුන් දෙදෙනා සාකච්ඡා කර එම අවස්ථාවේ ලබාදිය යුතු තීන්දුව ලබාදීම සිදුකර ඇති බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top